Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2024 21:03:51 Hours

10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ගංවතුරින් අවතැන් වූවන්ට වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 30 දින මුලතිව්, කෝකිලායි ප්‍රදේශයේ පිහිටි ශාන්ත ආනා දෙව්මැදුරේදී ගංවතුරින් අවතැන් වූ සිවිල් වැසියන් 350 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා මනුසත් දෙරණ සහ Dialog Axiata හි මූල්‍ය අනුග්‍රාහකත්වය හිමිවිය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ධීවර සමිතියේ සභාපති, මනුසත් දෙරණ සහ Dialog Axiata ආයතනයන්හි නියෝජිතයන් පිරිසක් ද සහභාගි වූහ.