2024-12-22 10:10:52
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජීගේ උපදෙස් මත, එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන් විසින් පසුගියදා ඉදිරිපත් කිරීමේ සැසියක් සංවිධානය කරන ලදී.
2024-12-22 10:06:11
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී 2024 දෙසැම්බර් මස 20 දින එම මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2024-12-22 10:05:30
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඊ.ඒ එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත 2024 දෙසැම්බර් මස 20 දින පලෛයි, ප්‍රාදේශීය රෝහලෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් වෙත දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් සිදු කරන ලදි.
2024-12-22 10:04:04
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික සන්නද්ධ සේවා පොපි මල් සැමරුම් පෙළපාලිය 2024 දෙසැම්බර් මස 21 දින කොළඹ ගාලු මුවදොර පිටියේ සිට විහාරමහාදේවි උද්‍යානයේ සෙනෝටැෆ් යුද ස්මාරකය දක්වා ගමන් කරන ලදී.
2024-12-22 10:03:04
141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ වේයන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා දේශන ශාලාවේදී 2024 දෙසැම්බර් මස 19 දින අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ වර්තමාන ගැටළු පිළිබඳ අධ්‍යාපනික දේශනයක් සංවිධානය කරන ලදී.
2024-12-22 10:02:11
පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ‘නිර්මල මාතා’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 18 දෙනෙකු වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 20 දින පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
2024-12-22 09:30:11
කරුවලගස්වැව, ශ්‍රී විමලධර්ම පෙර පාසලේ ළමුන් 42 දෙනෙකු සහ තබ්බෝව, ශ්‍රී විජය පෙර පාසලේ ළමුන් 15 දෙනෙකු සඳහා රු. 1,80,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 18 දින පැවැත්විණි.
2024-12-21 17:00:10
ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී, 2024 දෙසැම්බර් මස 15 සහ 17 යන දිනයන්හිදී 5 සහ 11 යන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවන්හි නිල සංචාරයක නිරත විය.
2024-12-20 20:18:45
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්ෂ ආර්එස්පී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024, මන්නාරම ශාන්ත සෙබස්තියන් ආසන දෙව්මැදුරේදී 2024 දෙසැම්බර් මස 19 දින පැවැත්වීය. මෙම උත්සවය මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙලිස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ මඟපෙන්වීම යටතේ 54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන් සහ ඒකකයන්හි සහාය ඇතිව පවත්වනු ලැබීය.
2024-12-20 16:18:58
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 2024 දෙසැම්බර් මස 18 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී මනෝවිද්‍යාත්මක දේශනයක් පවත්වන ලදී.