22nd December 2024 10:06:11 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී 2024 දෙසැම්බර් මස 20 දින එම මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. අනතුරුව, එතුමන් සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ සහ සර්ව ආගමික පූජකවරුන් ඉදිරියේ ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය.
පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයන් සඳහා ද පෙනී සිටියේය. ඉන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පලාලි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
අනතුරුව, එතුමන් භටපිරිස් අමතා 2024 නොවැම්බර් මස 28 දින කඳවුර අසල සිදු වූ මංකොල්ලයක් වැළැක්වීම සඳහා 7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සැරයන් ඩබ්ලිව්.ඩී.අයි. දිනේෂ් කුමාර ගේ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක්කරමින් ඔහු වෙත ත්‍යාගයක් ප්‍රදානය කළේය. උත්සවයේ කටයුතු සමාප්තියේ සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වීය.
සියලු නිල තේ පැන් සංග්‍රහය අතරතුරදී යාපනය නව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් සුබ පතන ලදී. උත්සව කටයුතු අවසානයේ දී එතුමන් නිලධාරීන් ආමන්ත්‍රණය කර තම දැක්ම ඉදිරිපත් කළේය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.