Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2024 10:10:52 Hours

11 පාබල සේනාංකයේ බලඇණි ඉදිරිපත් කිරීමේ වැඩසටහන සාර්ථකව සිදුකරයි

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජීගේ උපදෙස් මත, එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන් විසින් පසුගියදා ඉදිරිපත් කිරීමේ සැසියක් සංවිධානය කරන ලදී.

මෙම ඉදිරිපත් කිරීම් සැසියේ අරමුණ වූයේ එම ඒකකයන්හි රාජකාරි කරනු ලබන නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ රාජකාරි කරනු ලබන ප්‍රදේශය පිළිබඳව වූ ඓතිහාසික වටිනාකම්, සුවිශේෂී ස්ථානයන් පිළිබඳව දැනුම සහ ඉදිරිපත් කිරීමේ කුසලතා හැකියාවන් වැඩි දියුණු කිරීමයි.

එම සෑම අංශයක් පිළිබඳවම ඉදිරිපත් කිරීම් සිදුකිරීම සඳහා භටපිරිස් සහභාගී වූ අතර, ඔවුන් එමගින් මනා දැනුමක් සහ අත්දැකීමක් ලබා ගත්හ.