Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2024 17:00:10 Hours

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ, 5 සහ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවන්හි නිල සංචාරයක

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී, 2024 දෙසැම්බර් මස 15 සහ 17 යන දිනයන්හිදී 5 සහ 11 යන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවන්හි නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි එතුමන් 5 සහ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවන්හි අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරී I (වැඩ බලන) භඨපිරිස් (මුලතිව්) හි නිලධාරි අණදෙන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, සෑම කඳවුරු පරිශ්‍රයකදීම භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකරනු ලැබීය. අනතුරුව, අධ්‍යක්‍ෂතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසුව එතුමන් කඳවුරු පරිශ්‍රයන් නිරීක්‍ෂණය කර සියලු නිලයන් අමතනු ලැබීය.

නිල සංචාරය අවසානයේදී, එතුමන් වෙත සමරු තිළිණයන් ප්‍රදානය කරන ලද අතර, පසුව ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂතුමන් විශේෂ අමුත්තන්ගේ සටහන් පොත්හි සමරු සටහන් ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.