Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2024 10:04:04 Hours

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය කොළඹදී වාර්ෂික සන්නද්ධ සේවා පොපි මල් සැමරුම් පෙළපාලිය පවත්වයි.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික සන්නද්ධ සේවා පොපි මල් සැමරුම් පෙළපාලිය 2024 දෙසැම්බර් මස 21 දින කොළඹ ගාලු මුවදොර පිටියේ සිට විහාරමහාදේවි උද්‍යානයේ සෙනෝටැෆ් යුද ස්මාරකය දක්වා ගමන් කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේවා මුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ඒ.කේ. සියඹලාපිටිය පීඑස්සී එල්එස්සී සහභාගී විය.

මෙම පෙළපාලිය ත්‍රිවිධ හමුදා සංගම් 44 ක සේවා මුක්ත සාමාජිකයින් 750 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සෙනෝටැෆ් යුද ස්මාරකය වෙත පා ගමනින් ගමන් කරන ලදී. පෙළපාලියට අලංකාරත්වයක් එක් කරමින් යුද්ධ, නාවික, ගුවන් හමුදාවන්හි සහ ජාතික ශිෂ්‍යභට බලකායේ තූර්ය වාදක කණ්ඩායම් ද සහභාගී වූහ.

රණවිරු ස්මාරක අසලදී සේවා මුක්ත භට සංගමයේ සභාපතිතුමන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් රට වෙනුවෙන් දිවිපිදූ හමුදා සාමාජිකයන්ට ගෞරව දැක්වීම සඳහා පුෂ්පෝපහාර පුදකිරීම සිදුකරන ලදී. මෙම උත්සවය ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් විසින් කරන ලද කැපකිරීම් සිහිපත් කිරීම මෙන්ම සේවා මුක්ත සාමාජිකයින් සඳහා වූ ජාතියේ ගෞරවය හා කෘතවේදීත්වය පලකිරීමේ සංකේතයක් ලෙස වාර්ෂිකව පවත්වනු ලබයි.