2025-01-09 11:43:00
542 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2025 ජනවාරි මස 7 දින පූමලන්දන් ප්‍රාථමික විද්‍යාලය සහ මඩු සිංහල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 94 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පූමලන්දන් පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2025-01-09 11:42:30
ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ 36 වන සංවත්සර දිනය එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ නායකත්වය යටතේ 2025 ජනවාරි 06 දින සමරනු ලැබීය.
2025-01-08 15:50:42
විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජනවාරි මස 03 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2025-01-08 15:22:10
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම යටතේ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 7 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරීන්ගේ නායකත්වයෙන් 2025 ජනවාරි මස 04 දින පරිත්‍යාග වැඩසටහන් දෙකක් සංවිධානය කරන ලදී.
2025-01-08 15:22:09
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජනවාරි මස 06 දින පැවැත්විණි.
2025-01-08 15:18:13
231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජි.ඒ. මලන්දෙණිය ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ සහ 12 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරිතුමන්ගේ ගේ නායකත්වය යටතේ එම බලඇණියේ භටපිරිස් විසින් දිඹුලාගල, කළුකැලේ විජය පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලයේ සහ පලටියාව, ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 722 දෙනෙකු සඳහා පරිත්‍යාග වැඩසටහනක් 2025 ජනවාරි මස 05 දින සංවිධානය කරන ලදී..
2025-01-08 12:55:08
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2025 ජනවාරි මස 02 දින පනාගොඩ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2025-01-07 17:18:44
විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නන්ගර ආර්එස්පී එන්ඩීසී, 2025 ජනවාරි මස 06 දින පැවති කෙටි උත්සවයකින් යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ථ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරි ලෙස රාජකාරි භාර ගන්නා ලදී.
2025-01-07 17:15:15
4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පේදුරුතුඩුව, පවට්කරෙයි ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන ලදී. නව නිවස විවෘත කිරීමේ උත්සවය 2025 ජනවාරි මස 06 දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සුරතින් නව නිවසේ යතුරු නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත භාරදෙනු ලැබීය.
2025-01-07 13:32:32
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී. විජයසේකර ආර්එස්පී යූඑස්ඒසීජීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකින් මාණ්ඩලික රාජකාරි අධ්යක්ෂ මණ්ඩලයේ 39 වන අධ්යක්ෂ ලෙස 2025 ජනවාරි මස 06 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී..