Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2025 15:22:09 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජනවාරි මස 06 දින පැවැත්විණි.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිට සියළු භටපිරිස් අමන්ත්‍රණය කර සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.