08th January 2025 12:55:08 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2025 ජනවාරි මස 02 දින පනාගොඩ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය. අනතුරුව එතුමන් රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අබියසදී රට වෙනුවෙන් දිවිපිදූ එම රෙජිමේන්තුවේ රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වීය. ඉන් පසුව, එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.
අනතුරුව, නව කර්නල් සේනාවිධායකතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරීන් භාරගැනීම සනිටුහන් කරමින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වන ලදී.
එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය. උත්සවයේ කටයුුතු අවසන් කරමින් නව කර්නල් සේනාවිධායකතුමන් 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කඳවුරු පරිශ්‍රයේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, පසුව සියලු නිලයන් ඇමතීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.
මීට අමතරව මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස ධූරයේ රාජකාරීන් සිදුකරනු ලබයි.