07th January 2025 17:15:15 Hours
4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පේදුරුතුඩුව, පවට්කරෙයි ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන ලදී. නව නිවස විවෘත කිරීමේ උත්සවය 2025 ජනවාරි මස 06 දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සුරතින් නව නිවසේ යතුරු නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත භාරදෙනු ලැබීය.
මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණය මත ‘Wanni Aid Canada’ සංවිධානය හරහා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජූනේෂ් මහතා සහ සාමි සින්නයියා මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා සිය මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.
නව නිවස විවෘත කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 52 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුරදී, එම සේනාංකයේ කාර්යභාරයන් පිළිබඳව එතුමන් දැනුවත් කෙරිණි. පසුව, සමූහ ඡායාරූපයකට පෙනීසිටි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය. මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.