08th January 2025 15:50:42 Hours
විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජනවාරි මස 03 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි විශ්‍රාම දිවියට පා තබන බලකාධිපතිතුමන්ව ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස්. ලියනගුණවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව, රෙජිමේන්තු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් එතුමන් පුෂ්පෝපහාර දැක්වීය.
හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, සරඹ භූමියේ දී බලකාධිපතිතුමන් වෙත රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, අනතුරුව, නිලධාරීන් සමඟින් එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. පසුව බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයේදී එතුමන් භටපිරිස් සමඟින් සුහඳ පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, සෙසු නිල භෝජනාගාරයේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට එක් විය. දිවා භෝජන සංග්‍රහයෙන් පසු එතුමන් සියලු නිලයන් අමන්ත්‍රණය කළේය.
පසුව, විශ්‍රාම දිවියට එළඹෙන එතුමන් වෙත වීදි පෙළ සැදී ගෞරවාචාරය පුදකිරීමට පෙර බලකාධිපති කාර්යාලයේ දී විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහන් තැබීය. අනතුරුව එදින සන්ද්‍යාවේ නිලධාරී නිවස්නයේ දී විශ්‍රාම ගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් එතුමන් වෙනුවෙන් පවත්වන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.