Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • 55 පාබල සේනාංකයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවුලකට තවත් නිවසක්

    2023-07-08 21:52:03

    55 පාබල සේනාංකයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවුලකට තවත් නිවසක්

    යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ පූජ්‍ය එම්.එස්. චින්නයියා සහ තබිතා චින්නයියා පියතුමා ඔවුන්ගේ පියා වන ජෝයි අරුල්රාජා මහතා සිහිපත් කිරීම සඳහා ‘වන්නි ඒඩ්ස්’ සංවිධානය සහ කැනඩාවේ පදිංචි මේජර් ජෙනරල් ආර්. රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් නෙල්ලිඅඩි ප්‍රදේශයේ තවත් නව නිවසක් ඉදිකිරීම සඳහා අනුග්‍රහකත්වය ලබාදෙන ලදී.

  • නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත එම මූලස්ථායේ ගෞරවාචාරය

    2023-07-08 21:46:35

    නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත එම මූලස්ථායේ ගෞරවාචාරය

    ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පිළිගැනීමේ හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයක් දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පසුගිය බදාදා (ජූලි 05) සංවිධානය කරන ලදී.

  • 592 පාබල බලසේනාවේ අනුග්‍රහකත්වය ඇතිව පාසල් සිසුන්ට පාසල් උපකරණ

    2023-07-08 21:36:14

    592 පාබල බලසේනාවේ අනුග්‍රහකත්වය ඇතිව පාසල් සිසුන්ට පාසල් උපකරණ

    කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය එක්ව ‘අත හිත’ පදනමේ නිර්මාතෘ ප්‍රභාත් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 592 පාබල බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් තන්නිමුරිප්පු ප්‍රාථමික විද්‍යාලයේ සහ උන්නපිලව් ප්‍රාථමික විද්‍යාලයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන සිසුන් 110 දෙනෙකු සඳහා පාසල් උපාංග බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ජූලි 04) දින ක්‍රියාත්මක කරන ලදී.

  • ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි

    2023-07-08 21:32:52

    ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි

    ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එම්.පී.ඒ.එන් මුතුමාල යූඑස්පී පීඑස්සී ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (ජූලි 06) දින කොහුවල පිහිටි කාර්යාලයේ පැවති ආගමික උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.

  • කොළඹ ආනන්ද විද්‍යාලයේ සාමාජිකයින් ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරු සුවතා නිකේතනයේ වීරෝදාර රණවිරුවන් හමුවේ

    2023-07-08 21:25:36

    කොළඹ ආනන්ද විද්‍යාලයේ සාමාජිකයින් ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරු සුවතා නිකේතනයේ වීරෝදාර රණවිරුවන් හමුවේ

    කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් සහ වත්මන් සිසුන් අඟහරුවාදා (ජුලි 07) අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරුවන් බැහැදැක ඔවුන්ගේ නිර්භීතකම සහ වීරත්වය අගය කරමින් වීරොදාර රණවිරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වූහ.

  • 12 සේනාංකයේ භටපිරිස් ඇසළ පෙරහැරට පාගමනින් පැමිණෙන වන්දනාකරුවන් සඳහා ආරක්‍ෂාව සහ සහයෝගය ලබා දෙති

    2023-07-08 21:21:30

    12 සේනාංකයේ භටපිරිස් ඇසළ පෙරහැරට පාගමනින් පැමිණෙන වන්දනාකරුවන් සඳහා ආරක්‍ෂාව සහ සහයෝගය ලබා දෙති

    යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.පී.ඒ පීරිස් එච්ඩීඑම්සී පීඑස්සීගේ මඟපෙන්වීම යටතේ කතරගම ඇසළ මංගල්‍යයේ ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයන් 243 දෙනෙකු රාජකාරීන් සඳහා යොදවන ලදී. ජූනි මස 12 සිට ජූනි මස 30 දින දක්වා කාලය තුළ පැවැති ‘පාද යාත්‍රාව’ කතරගම වන්දනා ගමනට එක්වූ බැතිමතුන් පාගමනින් කතරගම දක්වා පැමිණෙන අතරතුර ඔවුන් සඳහා පානීය ජලය, වෛද්‍ය ආධාර, ආහාර, තාවකාලික කූඩාරම් සහ කඳවුරු පහසුකම් සපයන ලදී.

  • සිංහපුර විහාරස්ථානයේ ‘සංඝාවාසය’ යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදි කෙරේ

    2023-07-07 21:30:05

    සිංහපුර විහාරස්ථානයේ ‘සංඝාවාසය’ යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදි කෙරේ

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ, 233 පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 9 ක්‍ෂේත්‍ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් දික්කැලේ ඤාණප්‍රදීපාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව සිංහපුර ශ්‍රී ගැමුණු විහාරයේ "සංඝාවාසය" ඉදිකර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත පසුගිය ඉරිදා (ජුලි 02) දින පැවති උත්සවයකදී භාරදෙනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ. ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී උපදෙස් මත ‘අත හිත’ මානුෂීය ව්‍යාපෘතියේ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණය ඇතිව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන චින්තක අබේසේකර මහතා සහ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන තේජා කපුරුගේ මහත්මියගේ අනුග්‍රහය ඇතිව මෙම සංඝාවාසය ඉදිකරන ලදී.

  • ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක

    2023-07-07 21:25:18

    ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක

    ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සිය බලප්‍රදේශයේ වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා ඉකුත් සඳුදා (ජූනි 26) දින මින්නේරිය, බටුඔය, 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය. සංචාරයේ නිරත ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති වෙත එම කඳවුරේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කරනු ලැබු අතර, පසුව 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, මේජර් ජේ.සී මාපටුන අතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් එතුමන් පිළිගන්නා ලදී. සංචාරය සිහිවනු වස් සේනාංකාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරන ලදී. ඉන් අනතුරුව, 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය, යටිතල පහසුකම් සංවර්ධනය, නිලධාරීන් සහ භටපිරිස් පුහුණු කිරීම, සෙබළුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව සේනාංකාධිපතිතුමන් දැනුවත් කරන ලදී.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මුරහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් මුල්ගල තබයි

    2023-07-07 21:00:14

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මුරහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් මුල්ගල තබයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්පී ගේ උපදෙස් පරිදි ඉදිකිරීමට යෝජිත එම බලසේනාවේ ප්‍රධාන මුරහලෙහි මුල්ගල තැබීම එතුමන්ගේ සුරතින් ආගමික වතාවත් මධ්‍යයේ චාරිත්‍රානුකූලව පසුගිය බ්‍රහස්පතින්දා (06) දින සිදුකරනු ලැබීය.

  • 231 පාබල බලසේනාව පිහිනුම් ක්‍රීඩකයාගේ වික්‍රමාන්විතයට උපහාර දක්වයි

    2023-07-06 22:00:35

    231 පාබල බලසේනාව පිහිනුම් ක්‍රීඩකයාගේ වික්‍රමාන්විතයට උපහාර දක්වයි

    මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ තවේන්ද්‍රන් මධුෂිගන් නමැති 20 හැවිරිදි තරුණයා පසුගියදා ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා ඉන්දීය සාගරය හරහා පිහිනා මෙම කඩඉම තරණය කළ 4 වැනි පුද්ගලයා ලෙස වාර්තාවක් තැබීය.