Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2023 21:25:36 Hours

කොළඹ ආනන්ද විද්‍යාලයේ සාමාජිකයින් ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරු සුවතා නිකේතනයේ වීරෝදාර රණවිරුවන් හමුවේ

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් සහ වත්මන් සිසුන් අඟහරුවාදා (ජුලි 07) අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරුවන් බැහැදැක ඔවුන්ගේ නිර්භීතකම සහ වීරත්වය අගය කරමින් වීරොදාර රණවිරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වූහ.

ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් සහ වත්මන් සිසුන් වීරෝදාර රණවිරුවන් සමඟ තේපැන් සංග්‍රහයක් භුක්ති විද රණවිරුවන් සඳහා නව රූපවාහිනියක් සහ ඉදිකර ඇති ආයුර්වේද ප්‍රතිකාර ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිමෙන්ති තොගයක් ද පරිත්‍යාග කරන ලදී.

සුවතා නිකේතනයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සාමාජිකයින් මෙම අවස්ථාවට එක් වූහ.