08th July 2023 21:32:52 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එම්.පී.ඒ.එන් මුතුමාල යූඑස්පී පීඑස්සී ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (ජූලි 06) දින කොහුවල පිහිටි කාර්යාලයේ පැවති ආගමික උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.
බ්‍රිගේඩියර් එම්.පී.ඒ.එන් මුතුමාල යූඑස්පී පීඑස්සී මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව පත්වීම් භාර ගැනීම සනිටුහන් කළේය.
ආධුනිකයන් බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ඊ.ඒ.පී එදිරිවීර ආර්ඩබ්ලිව්පී එන්ඩීසී ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස කටයුතු කරනු ලබයි. බ්‍රිගේඩියර් එම්.පී.ඒ.එන් මුතුමාල යූඑස්පී පීඑස්සී මෙම පත්වීමට පෙර යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ හා සංකල්ප මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බ්‍රිගේඩියර් (පුහුණු සංකල්ප සහ අධීක්ෂණ) ලෙස කටයුතු කළේය.