08th July 2023 21:46:35 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පිළිගැනීමේ හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයක් දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පසුගිය බදාදා (ජූලි 05) සංවිධානය කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් විසින් නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව නව පත්වීමේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තැබු එතුමන් පසුව භටපිරිස් ඇමතීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙත සුබපැතුම් පිරිනැමීම සඳහා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සහ බලඇණි අණදෙන නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.