08th July 2023 21:36:14 Hours
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය එක්ව ‘අත හිත’ පදනමේ නිර්මාතෘ ප්‍රභාත් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 592 පාබල බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් තන්නිමුරිප්පු ප්‍රාථමික විද්‍යාලයේ සහ උන්නපිලව් ප්‍රාථමික විද්‍යාලයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන සිසුන් 110 දෙනෙකු සඳහා පාසල් උපාංග බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ජූලි 04) දින ක්‍රියාත්මක කරන ලදී.
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 592 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩී.පී.සී ආරච්චිගේ ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය සාර්ථකව පවත්වන ලදී.
අඩු ආදායම්ලාභි පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබු මෙම ව්‍යාපෘතිය තුළින් එක් දරුවෙකු සඳහා රුපියල් 3000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ අඩංගු පාර්සලය බැගන් පිරිනමන ලදී.
592 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ ඉල්ලීමකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය. තවද මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, අනුග්‍රාහකයින් සහ පාසල් කාර්ය මණ්ඩලය ද පැමිණ සිටියහ.