2023-08-17 20:37:35
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පුනරීන් ප්‍රදේශයේ ස්ථාපිත 66 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීයූ උපදෙස් මත අගෝස්තු මස 16 දින එම මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවකයින්ට ත්‍යාග පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2023-08-17 20:25:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත 4 ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකා සංඥා බලකා - 2023 අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලිය එම ඒකක ක්‍රීඩාංගනයේදී පසුගියදා පවත්වනු ලැබීය.
2023-08-16 18:08:28
ඉන්දීය නිදහස් දිනයට සමගාමීව යාපනය, පලාලි, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියසදී මෙරට එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව 1987-1990 කාලය තුලදී සිදුකරනු ලැබූ මෙහෙයුම් වලදී දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදාවේ රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වීය.
2023-08-16 18:04:35
දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ නුදුරේදී විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සෙනසුරාදා දින (අගෝස්තු 12) පවත්වනු ලැබීය.
2023-08-16 17:58:15
18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල්වල දෛනික ආදායම ඉහල නැංවීමේ අරමුණින් අඹ, තැඹිලි, දෙළුම් සහ රෝස ඇපල් පැළ සියයකට අධික ප්‍රමාණයක් ඉකුත් සෙනසුරාදා දින (අගෝස්තු 12) එම ඒකකය පරිශ්‍රයේදී ඔවුන් වෙත දින බෙදා දෙන ලදී.
2023-08-16 17:52:23
කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් ඔවුන්ගේ ප්‍රජා මූලික ව්‍යාපෘතිවල කොටසක් ලෙස ඉකුත් සඳුදා දින (අගෝස්තු 07) කලාඔය නිර්මල දේවමාතා පල්ලියෙහි වාර්ෂික මංගල්‍යය සඳහා එම පරිශ්‍රය පිරිසිදු කර දෙන ලදී.
2023-08-16 00:26:27
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මුලතිව් ප්‍රදේශයේ අක්ෂි ආබාධයන්ගෙන් පෙළෙන සිවිල් වැසියන් 464 දෙනෙකු සඳහා වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර ලබා දීමේ ජංගම අක්ෂි සායන වැඩසටහනක් මුලතිව්, උදයාර්කට්ටු මහා විද්‍යාලයේදී පසුගිය ඉරිදා (අගෝස්තු මස 13) දින පැවැත්වීය.
2023-08-16 00:24:48
නව ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් එම්.කේ.යූ. පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගිය සඳුදා (අගෝස්තු මස 14) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත එම මූලස්ථානයේදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-08-15 16:03:08
4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු යුද්ධ හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයි යන ආරංචියක් මත යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් පේදුරුතුඩුව, කට්කොළම් ප්‍රදේශයේ එම කඳවුර ඉදිරිපිට පසුගිය සඳුදා (අගෝස්තු මස 14) දින සාමකාමී විරෝධතාවයක නිරත වූහ.
2023-08-14 20:13:47
ශ්‍රී ලංකා ජාතික හෑන්ඩ්බෝල් ශූරතාවලිය - 2023, පුත්තලම මහජන ක්‍රීඩාංගණයේදී අගෝස්තු මස 11 දින සිට 14 දින දක්වා පැවති අතර, එහි පිරිමි අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම හිමිකර ගන්නා ලදී.