16th August 2023 18:08:28 Hours
ඉන්දීය නිදහස් දිනයට සමගාමීව යාපනය, පලාලි, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියසදී මෙරට එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව 1987-1990 කාලය තුලදී සිදුකරනු ලැබූ මෙහෙයුම් වලදී දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදාවේ රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ යාපනයේ පිහිටි ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සහයෝගය ඇතිව මෙම සමරු උත්සවය සංවිධානය කරන ලදී.
රණවිරු ස්මාරකය අසල පැවති උත්සවයේදී යාපනය ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී රාකේෂ් නට්‍රාජ් මහතා (Mr. Shri Raakesh Natraj) සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් දිවිපිදු ඉන්දීය රණවිරුවන් සිහි කරමින් පුෂ්පෝපහාර දැක්වීය.
සමරු උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා භටපිරිස් ද සහභාගි වූහ.