15th August 2023 16:03:08 Hours
4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු යුද්ධ හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයි යන ආරංචියක් මත යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් පේදුරුතුඩුව, කට්කොළම් ප්‍රදේශයේ එම කඳවුර ඉදිරිපිට පසුගිය සඳුදා (අගෝස්තු මස 14) දින සාමකාමී විරෝධතාවයක නිරත වූහ.
එහිදී විරෝධතාකරුවන් ‘යුද්ධ හමුදා කඳවුර ඉවත් නොකළ යුතුයි’, ‘කඳවුර ඉවත් කිරීම අපි හෙළා දකිමු’, ‘යුද්ධ හමුදා කඳවුර ඉවත් කිරීමට අපි කිසිවිටෙකත් ඉඩ නොදෙමු’ යනාදී විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් පැය දෙකක පමණ කාලයක් සාමකාමී විරෝධතාවයක නිරත වූ අතර, කඳවුරේ අණදෙන නිලධාරීතුමන් වෙත එම ඉල්ලීම ලිඛිතව භාර දෙන ලදී.
මත් ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී වැලි ගොඩදැමීම්, සොරකම් සහ සියලු සමාජ විරෝධී ක්‍රියාකාරකම් ඇතුළු ප්‍රදේශයේ සියලුම නීති වීරෝධී කටයුතු වලට එරෙහිව යුද්ධ හමුදා සාමාජිකයින් ඵලදායි කාර්යභාරයක් ඉටුකරන බැවින් එම ප්‍රදේශයේ ජනතාවට සාමකාමී වටපිටාවක් නිර්මාණය වී ඇති බවත්, හදිසි ආධාර කටයුතු වලදී මෙම ඒකකය මගින් ඉටුකරනු ලබන කාර්යභාර්ය පිළිබඳවත් උද්ඝෝෂණයේ නිරත වූ සිවිල් වැසියන් අදහස් ප්‍රකාශ කළහ.