Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2023 00:24:48 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නව ආඥාපතිතුමන් රාජකාරි අරඹයි

නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් එම්.කේ.යූ. පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගිය සඳුදා (අගෝස්තු මස 14) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත එම මූලස්ථානයේදී රාජකාරි කටයුතු භාරගත්තේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.කේ.යූ. පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ඒ.එච්.ඩී ආරියසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පීටීඑස්සී විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයද පිරිනමනු ලැබීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් එම්.කේ.යූ. පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

සමූහ ඡායාරූප කිහිපයක් සඳහා පෙනී සිටි නව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර, අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී.

උත්සවය සමාප්තියේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ එතුමන් භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරත විය.

උත්සව අවස්ථාව සඳහා 22,23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.