Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2023 17:52:23 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් වාර්ෂික මංගල්‍යයට පෙර නිර්මල දේවමාතා පල්ලිය පිරිසිදු කරයි

කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් ඔවුන්ගේ ප්‍රජා මූලික ව්‍යාපෘතිවල කොටසක් ලෙස ඉකුත් සඳුදා දින (අගෝස්තු 07) කලාඔය නිර්මල දේවමාතා පල්ලියෙහි වාර්ෂික මංගල්‍යය සඳහා එම පරිශ්‍රය පිරිසිදු කර දෙන ලදී.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, බ්‍රිගේඩියර් එච්. වී. ඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පල්ලියේ බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් ව්‍යාපෘතිය අධීක්‍ෂණය කරනු ලැබු අතර, යුද්ධ හමුදා සාමාජිකයන් 25 කට අධික පිරිසක් මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගී වූහ.