2023-09-09 22:03:54
අයහපත් කාලගුණික තත්ත්වයෙන් වනාතමුල්ල ඇතුළු කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් 14 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 03) දින වනාතමුල්ල ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවට පිසූ ආහාර බෙදාදෙනු ලැබීය. මෙම වැඩසටහනේදී, ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නිවෙස්වලින් පිටතට යාමට නොහැකිව සිටි පවුල් 08 ක සාමාජිකයින් 47 දෙනෙකු වෙත ආහාරපාන පිරිනැමීම සිදුකෙරිණි.
2023-09-09 22:00:21
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී භඨකාර්ය සම්පාදන ඒකකයන්හි අණදෙන නිලධාරින් හමුවීමේ අරමුණින් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 06) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ සංචාරයක නිරතවිය.
2023-09-09 21:56:52
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ ඉල්ලීමකට අනුව එම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් 119 දෙනෙකු වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරනු ලැබූ පූර්ණ දින නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින මත්තේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-09-09 21:52:23
පසුගිය දා දූරයේ රාජකාරි කටයුතු භාරගත් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සිය බලප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්හි සුවදුක් විමසා බැලීමේ අරමුණින් අගෝස්තු මස 24, 25 සහ 31 තෙදින තුළ 611, 612, 613 පාබල බලසේනාවන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-09-09 21:48:45
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 05) දින විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි 553 පාබල බලසේනා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-09-09 11:15:03
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, යුද්ධ...
2023-09-08 15:57:59
58 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විශේෂ බලකායේ මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 04) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
2023-09-08 15:52:09
පාසල් සිසු සිසුවියන් අතර...
2023-09-08 15:46:10
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 97 හි සහතිකපත් ප්‍රධානෝත්සවය අගෝස්තු මස 21 දින පැවැත්විණි.
2023-09-07 17:26:27
යුද්ධ හමුදා සාමාජිකයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර පවතින සුහදත්වය ප්‍රවර්ධනය කරමින්...