09th September 2023 21:48:45 Hours
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 05) දින විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි 553 පාබල බලසේනා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
සේනාංකාධිපතිතුමන් සංචාරය ආරම්භ කරමින් 553 පාබල බලසේනාව යටතේ ස්ථාපිත විවිධ අංශයන් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංචාරය කරනු ලැබීය. 553 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ජී.එස්.කේ. පෙරේරා ආර්එස්පී විසින් සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එම බලසේනාවේ කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳ එතුමන් දැනුවත් කිරීම ඉන් අනතුරුව සිදුකෙරිණි. පසුව, එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් රාජකාරි කටයුතු වෙනුවෙන් එම භටපිරිස්හි කැපවීම පිළිබඳව කෘතඥතාව පුදකළ අතර එම එ්කකයන්හි ප්‍රමිතීන් ඉහළ නැංවීමට භටපිරිස් දරණ උත්සාහය ද ඇගයීමට ලක්කළේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූප කිහිපයකට සහභාගී වූ මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.