09th September 2023 21:52:23 Hours
පසුගිය දා දූරයේ රාජකාරි කටයුතු භාරගත් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සිය බලප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්හි සුවදුක් විමසා බැලීමේ අරමුණින් අගෝස්තු මස 24, 25 සහ 31 තෙදින තුළ 611, 612, 613 පාබල බලසේනාවන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
එම මූලස්ථානයන් වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එම මූලස්ථානයන්හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සේනංකාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
කඳවුරු පරිශ්‍රයන් තුළ මේ වනවිට සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු පිළිබඳ පරික්‍ෂා කළ මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර එම මූලස්ථානයන්ගෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය. මෙම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.