2023-09-14 20:07:00
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් මත් ද්‍රව්‍ය හා මත් ද්‍රව්‍ය භාවිතයේ අතුරු ප්‍රථිපල පිළිබඳව සිසුන් සහ සිවිල් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා දින (සැප්තම්බර් 12) කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය පරිශ්‍රයේදී පවත්වන ලදී.
2023-09-14 20:02:57
24 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද බළලත් සහ සැරයන් නිවස්නය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා දින (සැප්තැම්බර් 8) පැවැති උත්සවයකදී විවෘත කරනු ලැබීය.
2023-09-14 19:57:38
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් විදේශ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 12) දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලික රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.
2023-09-14 19:51:29
24 පාබල සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් සඳහා චිත්ත ධෛර්යය සහ මානසික සතුට වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ 18 විජයබාහු පාබල රෙජිමේන්තු තූර්ය වාදක කණ්ඩායම විසින් විශේෂ ‘Rest and Recreation’ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර ඒ සඳහා 241, 242, 243 පාබල බලසේනාවන් යටතේ අක්කරෙයිපත්තුව, ආරුගම්බේ, මඩකලපුව සහ අම්පාර මල්වත්ත ප්‍රද්ශයේ සේවයේ නියුතු භටපිරිස් සහභාගී වූහ.
2023-09-13 20:13:46
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සංවිධානය කරනු ලැබු අන්තර් රෙජිමේන්තු පාපැදි ශූරතාවලිය - 2023 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තුවේ ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඇතුළු පාපැදිකරුවන් 133 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 7 සහ 8 දිනයන්හිදී උඩවලව ප්‍රදේශයේදී පවත්වන ලදී.
2023-09-13 20:09:43
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම බලකායේ බලකාධිපති දූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 08) දින කුට්ටිගල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා පුහුණු පාසල වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.
2023-09-13 20:03:26
ගමන් හා පාලන අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස විශේෂ බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.පී.එන්.බී. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 11) දින දූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-09-13 19:58:35
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර් සීඩීඑස් පීඑස්සී සැප්තැම්බර් මස 7, 8 දෙදින තුළ 61 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
2023-09-13 19:49:36
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම් දේපළ හා භඨනිවාස අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 8) දින දූරයේ රාජකාරි භාරගත්තේය.
2023-09-13 08:19:52
දිවයිනේ ‘දෙවන පොල් ත්‍රිකෝණය’ ස්ථාපනය කිරීමේ අරමුණින් මුලතිව් ප්‍රදේශය තුළ රජය ක්‍රියාත්මක...