Header

Sri Lanka Army

Defender of the Nation

14th September 2023 19:57:38 Hours

දියතලාව යුද්ධ හමුදා මූලික රෝහල වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් විදේශ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 12) දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලික රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම වැඩසටහන යටතේ රෝහල් බලධාරීන් වෙත ඇස් කණ්නාඩි, වෙද නලා, Infrared and Tympanic Thermometers, කතුරු, ප්ලාස්ටික් තැටි ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකා රෝහල් ගිලන්රථ සේවා සංගමයේ අධ්‍යක්‍ෂ රජවැල්ලේ සුභූති හිමිපාණන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්හි සම්බන්ධීකරණය මත එක්සත් රාජධානියේ ‘සිල්වියා පදනම‘, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් රෝහල් සේවා මණ්ඩල සාමාජිකයින්ගේ අනුග්‍රාහකත්වය මත මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාගය සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් පී.එච්.එන්.එච්. පෙරේරා, දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේ අණදෙන නිලධාරි මේජර් කේ.ආර්.ඒ. පෙරේරා යූඑස්පී, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.