Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2023 20:09:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති කුට්ටිගල පුහුණු පාසලේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම බලකායේ බලකාධිපති දූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 08) දින කුට්ටිගල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා පුහුණු පාසල වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ සේනාවිධායක ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

සංචාරයේ නිරත බලකාධිපතිතුමන් එම පුහුණු පාසලේ විවිධ භූමිකාවන්, වගකීම්, පුහුණු වැඩසටහන්, එම පුහුණු පාසල තුළ ක්‍රියාත්මක වන පාඨමාලා සහ පරිපාලන කටයුතු පිළිබඳ සවිස්තරාත්මකව දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් සමඟ සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එහිදී පුහුණු පාසලේ උපදේශකවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ සුබසාධන පහසුකම් පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායට අයත් ගොවිපළවල් දෙකක් නිරීක්‍ෂණය කරනු ලැබීය.

එම පුහුණු පාසල් සම්මන්ත්‍රණ ශාලාවේදී සියලුම නිලයන් ආමන්ත්‍රණය කරමින් බලකාධිපතිතුමන් විනය පවත්වාගැනීමේ වැදගත්කම සහ පුහුණුවීම්වල අවශ්‍යතාවය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූප කිහිපයක් සඳහා ද මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.කේ.එස්.එස්. ද සිල්වා සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.