Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2023 19:58:35 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර් සීඩීඑස් පීඑස්සී සැප්තැම්බර් මස 7, 8 දෙදින තුළ 61 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.

61 පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සංචාරයේ පළමු දිනය ආරම්භ කරමින් මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී බූස්ස ප්‍රදේශයේ පිහිටි 61 පාබල සේනාංක මූලස්ථානය, මතුගම ප්‍රදේශයේ පිහිටි 612 පාබල බලසේනා මූලස්ථානය, කඹුරුපිටිය ප්‍රෙද්ශයේ පිහිටි 613 පාබල බලසේනා මූලස්ථානයේ සංචාරය කළ අතර පසුදින බෙරගල ප්‍රදේශයේ පිහිටි 611 පාබල බලසේනා මූලස්ථානය සහ 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයේ නිරත විය.

611, 612 සහ 613 පාබල බලසේනාවන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරයේ නියුතු ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර එම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සංචාරයේදී, එතුමන් එම මූලස්ථානයන්හි කාර්යභාරයන් සහ සිය බලප්‍රෙද්ශයන්හි වත්මන් තත්ත්වය පිළීබඳ සවිස්තරාත්මකව දැනුවත් විය. ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර් සීඩීඑස් පීඑස්සී එම මූලස්ථානයන්හි සේවයේ නියුතු භටපිරිස්හි කාර්යභාර්ය ඇගයීමට ලක්කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයන්හි ඡායාරූපවලට පෙනී සිටි එතුමන් පැළ රෝපණය කිරීමද සිදු කළේය. මෙම අවස්ථාවන් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.