2023-11-20 19:53:46
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 522 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මරුතන්කේනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජීවත්වන සිවිල් ජනතාව වෙත පොල් පැළ 1500ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින යාපනය, මරුතන්කේනි, අම්පන් ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ලේදී පවත්වන ලදී.
2023-11-20 19:50:50
යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2023 නොවැම්බර් මස 5 දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.
2023-11-19 21:36:04
පුදුකුඩිඉරිප්පු සහ ආනන්දපුරම් ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ පවුල් හතරක් වෙත සහනාධාර බෙදාදීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයට අයත් 593 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් නොවැම්බර් මස 17 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-11-19 21:20:04
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලග්ගල
2023-11-19 21:10:04
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජ මහා විහාරස්ථානයේ
2023-11-18 20:24:06
මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-11-18 20:21:29
නොවැම්බර් මස 14 දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ භටපිරිස් විසින් නොවැම්බර් මස 13 සිට 16 දින දක්වා කාලය තුළ දැනුවත් කිරීමේ දේශන, විශේෂ වෛද්‍ය සායන සහ උපදේශන සේවා මාලාවක් එම රෝහල් පරිශ්‍රයේදී සිදුකෙරිණි.
2023-11-18 20:18:06
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (නොවැම්බර් මස 08) දින රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2023-11-18 20:13:58
ධූරයෙන් නික්ම යන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරාවාචර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (නොවැම්බර් මස 15) දින මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2023-11-18 20:10:16
යුද හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 04) දින ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කඳවුර වෙත සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.