Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2023 21:10:04 Hours

යුද්ධ හමුදාවේ දායකත්වයෙන් කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජ මහා විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකම පැවැත්වේ

කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගිංතොට නන්දාරාම හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් විශාල සැදැහැවත් පිරිසකගේ සහභාගීත්වයෙන් එම විහාරස්ථානයේ සාම්ප්‍රදායික කඨින චීවර පූජා පිංකම් මාලාව නොවැම්බර් මස 5 දින ආරම්භ කෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මඟපෙන්වීම හා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස උතුර අධීක්‍ෂණය මත එම මූලස්ථානයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්හ. මෙම සැදැහැවත් පිංකම වෙනුවෙන් පොලිස් නිලධාරින්ගේ සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයන්ගේ නොමසුරු දායකත්වය ද ලබාදුන්හ.

විශාල බැතිමතුමන් පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස මෙම කඨින චීවර පූජා පිංකමට සමගාමීව බෝධි පුජා පිංකමක්, ධර්ම දේශනාවක් සහ පිරිත් සජ්ඣායනයක් පැවැත්විණි. පසුදින උදෑසන විහාරාධිපති හිමිපාණන් විසින් කඨිනානිශංස දේශනාව සහ බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා වෙත ‘හීල් දානය’ පූජා කර සහ අටපිරිකර පූජා කරනු ලැබූහ.