Header

Sri Lanka Army

Defender of the Nation

20th November 2023 19:53:46 Hours

10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පොල් පැල බෙදා දෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 522 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මරුතන්කේනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජීවත්වන සිවිල් ජනතාව වෙත පොල් පැළ 1500ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින යාපනය, මරුතන්කේනි, අම්පන් ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ලේදී පවත්වන ලදී.

මරුතන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරාධනයෙන් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී විය.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම වැඩසටනට මරුත්තකේනි ‘S.K Farm’ හි හිමිකරු විසින් පොල් පැළ බෙදාදීම සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ රාජ්‍ය ආයතන නිලධාරීන් සහභාගි වූහ.