20th November 2023 19:50:50 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2023 නොවැම්බර් මස 5 දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එන්. විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී සහ සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී සහභාගී වූහ.
සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් එතුමන් එම කඳවුරු පරිශ්‍රයේ ස්ථාපිත රණවිරු ස්මාරකය වෙත සිය පුෂ්පෝපහාර පුදකළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එම ඒකකයේ සහ රෙජිමේන්තුවේ ගුණාත්මකභාවය සහ විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ භටපිරිස් දැනුවත් කළේය.
4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරි නිවස්නයේදී නිලධාරින් ආමන්ත්‍රණය කරමින් එතුමන් සිය සේවා කාලය පිළිබඳ මතකාවර්ජනය කරනු ලැබීය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙම සංචාරය අතරතුරදී, මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් එම කඳවුරු පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණය කරනු ලැබූ සෙසුනිල භෝජනාගාරය විවෘත කරනු ලැබීය.
මෙම භෝජනාගාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ලබාදුන් සිවිලිං තහඩු භාවිතා කරමින් 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් එම භෝජනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිමකරනු ලැබූහ.