Header

Sri Lanka Army

Defender of the Nation

18th November 2023 20:18:06 Hours

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ගෞරවාචාරය

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (නොවැම්බර් මස 08) දින රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ.

මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් අත්දැකීම් හා අභියෝගයන්ගෙන් සපිරි තම වෘත්තීය දිවියේ සාර්ථකත්වයට මඟපෑදීම වෙනුවෙන් එම රෙජිමේන්තුවේ හිටපු සහ වත්මන් සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත සිය කෘතඥතාව පුදකළේය.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.