2023-11-28 09:16:02
යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසි පසුගිය සිකුරාදා...
2023-11-28 09:13:12
අධික වර්ෂාපතනය හේතුවෙන් ඔහිය දුම්රිය ස්ථානය අසල පස් කන්දක් කඩා වැටීමෙන් කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා
2023-11-28 09:10:01
සන්නද්ධ බුද්ධි බලකායේ 24 වන බලකාධිපති ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ...
2023-11-26 22:43:23
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත හම්බන්තොට යහන්ගල ප්‍රාථමික විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන්ගේ 2024 වසරේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණ ඔවුන් වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නොවැම්බර් මස 23 දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-11-26 22:40:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව වෙතින් රෙජිමේන්තු ටයිකොන්ඩෝ උපදේශකවරුන්ගේ දැනුම සහ උපදේශක හැකියාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් පනාගොඩ යුද්ධ හමුදා කායවර්ධන ශාලාවේදී නොවැම්බර් මස 21 සිට 23 දින දක්වා ටයිකොන්ඩෝ පුහුණු වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුව සඳහා ටයිකොන්ඩෝ පුහුණු උපදේශකවරුන් 60 දෙනෙකු සහභාගී වූහ.
2023-11-26 22:38:28
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් නොවැම්බර් මස 24 දින හම්බන්තොට ‘ශාසනාලෝක’ විහාරස්ථානයේ සහ නොවැම්බර් මස 20 දින බැල්ලගස්වැව විහාරස්ථානයේ පැවති වාර්ෂික ‘කඨිනචීවර පූජා’ පිංකම් මාලාවන් සාර්ථකව පැවැත්වීම සඳහා සිය බැතිබර දායකත්වය ලබාදෙන ලදී.
2023-11-26 22:35:41
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අභිමානවත් 27 වන සංවත්සර දිනයට සමගාමීව එම ඒකකයේ භටපිරිස් ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා මූලික ව්‍යාපෘතියක් පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 24) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-11-26 10:34:24
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනාවේ භටපිරිස් වැලිකන්ද ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ගර්භනී මාතාවන් 80 දෙනෙකු වෙත පෝෂණිය ආහර ද්‍රවය අඩංගු සමන්විත පාර්සල් බෙදාදීමේ ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 23) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-11-26 10:31:34
මීගස්තැන්න, සමනලවත්ත නිපෝන් බෞද්ධ විහාරස්ථානයේ තීන්ත ආලේප කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 612 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය තාක්ෂණික දැනුම සහ ඉංජිනේරු සහයෝගය ලබාදුන්හ.
2023-11-26 10:27:14
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් කදිරවේලි, විග්නේෂ්වරම් විද්‍යාලයේ සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ‘නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක ප්‍රතිඵල’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 21) දින ක්‍රියාත්මක කරනු ලැබීය.