Header

Sri Lanka Army

Defender of the Nation

28th November 2023 09:10:01 Hours

සන්නද්ධ බුද්ධි බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

සන්නද්ධ බුද්ධි බලකායේ 24 වන බලකාධිපති ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2023 නොවැම්බර් මස 23 දින සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ටී.එන්. මජීඩ් ආර්එස්පී යූඑස්පී එල්එස්සී සමඟින් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.ටී.පී. සිරිවර්ධන ආර්එස්පී පීඑස්සී එල්එස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. පසුව එතුමන් රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

නව බලකාධිපතිතුමන් වෙත සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ. ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

රාජකාරි භාරගැනීමෙන් පසුව එම රෙජිමේන්තුවේ නිලධාරින් ආමන්ත්‍රණය කරමින් එතුමන් සිය රාජකාරි ස්වභාවය සහ රෙජිමේන්තුවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කිරීම උදෙසා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සියලු නිලයන් සමඟ සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය.