Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2023 10:27:14 Hours

‘නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක ප්‍රතිඵල’ පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුවත් කෙරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් කදිරවේලි, විග්නේෂ්වරම් විද්‍යාලයේ සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ‘නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක ප්‍රතිඵල’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 21) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

මඩකලපුව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රධාන සම්බන්ධීකාරක පී. තිනේෂ් මහතාගේ මෙහෙයවීමෙන් පැවති මෙම වැසඩටහන සඳහා කදිරවේලි, විග්නේෂ්වරම් විද්‍යාලයේ සුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සමන්විත සිසු සිසුවියන් 300 දෙනෙක් සහ ගුරු භවතුන් 15 දෙනෙක් සහභාගි වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර හා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ මඟපෙන්වීම සහ 7 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.