Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2023 22:38:28 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් කඨිනචීවර පූජා’ පිංකම් මාලාවන් සඳහා සිය දායකත්වය ලබාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් නොවැම්බර් මස 24 දින හම්බන්තොට ‘ශාසනාලෝක’ විහාරස්ථානයේ සහ නොවැම්බර් මස 20 දින බැල්ලගස්වැව විහාරස්ථානයේ පැවති වාර්ෂික ‘කඨිනචීවර පූජා’ පිංකම් මාලාවන් සාර්ථකව පැවැත්වීම සඳහා සිය බැතිබර දායකත්වය ලබාදෙන ලදී.

මහා සංඝරත්නය වෙතින් ලබාදුන් අනුශාසනාවන්ට අනුව 12 පාබල සේනාංකයේ භටපිරිස් විහාරස්ථාන දෙකෙහිම පිරිසිදු කිරීම් කටයුතු සිදුකරනු ලැබීය. ඒ සඳහා ගිහියන්, සැදැහැවතුන් සහ ගම්වාසීන් භටපිරිස් වෙත සිය සහයෝගය ලබාදුන්හ.