Header

Sri Lanka Army

Defender of the Nation

28th November 2023 09:13:12 Hours

අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් යථා තත්ත්වයට

අධික වර්ෂාපතනය හේතුවෙන් ඔහිය දුම්රිය ස්ථානය අසල පස් කන්දක් කඩා වැටීමෙන් කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 22) දින අලුයම බාධා එල්ලවිය.

දුම්රිය බලධාරීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා භටපිරිස් එම ස්ථානය වෙත කඩිනමින් ගොස් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ සහයෝගය මත වැටී තිබූ පස් කඳු සහ ගල් ඉවත් කර එම මාර්ගයේ ගමනාගමන කටයුතු නැවත යථා තත්ත්වයට පත්කරන ලදී.