2023-12-04 19:17:39
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයට අයත් 541 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සංවිධාන කටයුතු වෙනුවෙන් 2023 නොවැම්බර් මස 17 සහ 18 දෙදින තුළ මාතොට රජමහා විහාරස්ථානයේ වාර්ෂික ‘කඨින පූජා පිංකම’ සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
2023-12-03 22:17:53
දකුණු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින රිදියගම, සෆාරි උද්‍යානයේ පිටත ඇති තාප්පයේ මීටර් 100 ක පමණ කොටසකට අලාභහානි වූ බැවින් එම උද්‍යානයේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකයේ භටපිරිස් තාවකාලික වැටක් ඉදිකිරීමට අවශ්‍ය සහාය ලබාදුන්හ.
2023-12-03 22:12:05
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 561 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වන්නි කලාපයේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පොල් පැළ 2500 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් මස 27 සහ 28 දෙදින තුළ පරසම්කුලම් ප්‍රදේශයේදී සංවිධානය කරන ලදී.
2023-12-03 22:06:24
68 පාබල සේනාංකයට අයත් 593 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිවිල්...
2023-12-03 21:59:35
අඛණ්ඩව පැවති වර්ෂාපතනය හේතුවෙන් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින දියතලාව දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය මාර්ගය වෙතට කඩා වැටී තිබූ පස් සහ ගල් ඉවත් කිරීමට ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
2023-12-03 21:52:39
14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 144 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් බත්තරමුල්ල, ජයවඩනගම, මෛත්‍රී ධර්මායතනය විහාරස්ථානයේ වාර්ෂිකව සිදුකරනු ලබන ‘කඨින පූජා’ පිංකම වෙනුවෙන් විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කර තීන්ත ආලේප කිරීම සඳහා නොවැම්බර් මස 25 සිට 26 දින දක්වා කාලය තුළ සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
2023-12-03 21:45:29
ආරක්ෂක සේනා ආඥාපති – වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 29) දින නෙළුම්කුලම, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිල සංචාරයක නිරත විය.
2023-12-03 21:40:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ගේ උපදෙස් මත, ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් සංවිධානය කරන ලද විශ්‍රාමික නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා සුහද හමුවක් පනාගොඩ, සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 25) දින සංවිධානය කරන ලදී.
2023-12-02 10:46:03
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන දෙවන පොල් ත්‍රිකෝණය වැඩසටහන සඳහා සහයෝගය දක්වමින් 2023 නොවැම්බර් මස 23 දින මරවන්කුලම් ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් සහ ගොවී ප්‍රජාව වෙත පොල් පැළ 975 ක් බෙදාදෙනු ලැබීය.
2023-12-02 10:42:53
522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නන්ගර ආර්එස්පී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනාවේ භටපිරිස් යාපනය කෙවිල් රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (නොවැම්බර් මස 27) දින ක්‍රියාත්මක කරනු ලැබීය.