Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2023 22:17:53 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් රීදියගම, සෆාරි උද්‍යානයේ තාවකාලික වැටක් ඉදිකරයි

දකුණු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින රිදියගම, සෆාරි උද්‍යානයේ පිටත ඇති තාප්පයේ මීටර් 100 ක පමණ කොටසකට අලාභහානි වූ බැවින් එම උද්‍යානයේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකයේ භටපිරිස් තාවකාලික වැටක් ඉදිකිරීමට අවශ්‍ය සහාය ලබාදුන්හ.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත ඉංජිනේරු නිලධාරියෙක් සහ එම පාබල සේනාංක මූලස්ථානයේ හා 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය වෙත ගොස් වන සතුන් පිටතට යාම වැළැක්වීමට කඩිනමින් මෙම තාවකාලික වැට ඉදිකරනු ලැබූහ.

පැය කිහිපයක් තුළ සිදුකරනු ලැබූ මෙම කාර්යය වෙනුවෙන් සෆාරි උද්‍යානයේ නිලධාරීන්, භටපිරිස් වෙත සිය කෘතඥතාවය පුද කරන ලදී.