Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2023 21:52:39 Hours

10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ‘කඨින පූජා’ පිංකමක් සඳහා එක්වෙයි

14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 144 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් බත්තරමුල්ල, ජයවඩනගම, මෛත්‍රී ධර්මායතනය විහාරස්ථානයේ වාර්ෂිකව සිදුකරනු ලබන ‘කඨින පූජා’ පිංකම වෙනුවෙන් විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කර තීන්ත ආලේප කිරීම සඳහා නොවැම්බර් මස 25 සිට 26 දින දක්වා කාලය තුළ සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ උපදෙස් මත එම ඒකකයේ සෙසුනිලයන් 05 දෙනෙකු මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා සිය බැතිබර දායකත්වය ලබාදුන්හ.