Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2023 19:17:39 Hours

මාතොට රජමහා විහාරස්ථානයේ වාර්ෂික ‘කඨින පූජා පිංකම’ සඳහා භටපිරිස්හි දායකත්වය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයට අයත් 541 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සංවිධාන කටයුතු වෙනුවෙන් 2023 නොවැම්බර් මස 17 සහ 18 දෙදින තුළ මාතොට රජමහා විහාරස්ථානයේ වාර්ෂික ‘කඨින පූජා පිංකම’ සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ 541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ජී.ජී.එස්. බණ්ඩාර ගේ මෙහෙයවීම මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම පුණ්‍ය වැඩසටහන සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

මෙම වාර්ෂික ‘කඨින චීවර පූජා පිංකම’ සඳහා ගම්පහ, ජා ඇල, පාදුක්ක සහ අනුරාධපුර ප්‍රදේශවල වෙසෙන බෞද්ධ සැදැහැවතුන් 600 කට අධික පිරිසක් සහභාගි වූහ.

මාතොට රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අඹගහවැවේ සංඝරක්ඛිත හිමිපාණන් විසින් මෙම කඨින චීවර පූජාවේ ධර්ම දේශනාව පැවැත්වූහ.

මෙම පුණ්‍ය වැඩසටහන සඳහා 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 543 පාබල බලසේනාවේ බලසේනාධිපති, 54 සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භටපිරිස් සහ පොලිස් නිලධාරීන් ද එක්ව සිටියහ.