Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2023 22:12:05 Hours

561 පාබල බලසේනාවේ භටපිරිස් පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 561 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වන්නි කලාපයේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පොල් පැළ 2500 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් මස 27 සහ 28 දෙදින තුළ පරසම්කුලම් ප්‍රදේශයේදී සංවිධානය කරන ලදී.

පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ආරම්භ කරනු ලැබූ ව්‍යපෘතියකට අනුව 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 10 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් පුලියන්කුලම් ප්‍රදේශයේ ජීවත්වන පවුල් වෙත මෙම පොල් පැළ බෙදා දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම් කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ 561 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ජී. බණ්ඩාරනායක යූඑස්පී පීඑස්සී උපදෙස් මත මෙම වැඩසටහන සිදුකරනු ලැබීය.

උතුරු පළාතේ 2 වන ‘පොල් ත්‍රිකෝණය’ මුලතිව් ප්‍රදේශයේ ආරම්භ කළ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ රාජකාරියෙහි නියතු භටපිරිස් විසින් මෙම වැඩසටහනට සමගාමීව මීට ප්‍රථම පොල් පැළ සිය ගණනක් බෙදා දෙන ලදී.