2023-12-20 21:35:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දශක තුනකට අධික කාලයක් රාජකාරි කිරීමෙන් අනතුරුව නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එම්.ජි.ඩබ්ලිව් විමලසේන ආර්එස්පී සහ බ්‍රිගේඩියර් ඒ.එම්.එස්.ඩි.බී අධිකාරි ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රස්පතින්දා (දෙසැම්බර් මස 14) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-12-20 21:30:09
ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 17) දින 7 ශ්‍රී ලංකා සංඥා බලකායේ නිල සංචාරයක නිරත වූයේය.
2023-12-20 21:23:13
ධූරයෙන් නික්මයන ආරක්ෂක සේනා ආඥාපති - බටහිර, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-12-19 22:27:02
හමුදා ප්‍රධානීන්, විද්වතුන් සහ ප්‍රවීණයන් එක්ව බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේදී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින ‘යුද්ධ හමුදා යුධ විද්‍යාලයීය සම්මන්ත්‍රණය - 2023‘ පැවති අතර, එහිදී පස්වන පරම්පරාවේ සංග්‍රාමික බලපෑම (දැනුම්වත්වීම සහ තොරතුරු) සහ ශ්‍රී ලාංකික සංදර්භයේ ඇති ඇති අභියෝග මැයෙන් දේශනයන් පැවැත්වීය.
2023-12-19 22:23:16
මැලේසියාවේ පැවති ‘ආසියානු සවි එසවීමේ ශූරතාවලිය - 2023’ තරඟාවලිය, දෙසැම්බර් මස 10 දින සිට 18 දින දක්වා පැවති අතර, ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බලළත් නිලධාරි II එස්.එස් ප්‍රදීප් රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ 01 ක් දිනා ගත්තේය.
2023-12-19 22:21:21
ගත වූ පැය 48 තුළ ඇතිවූ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මුලතිව් සහ ඒ අවට ප්‍රදේශවල අවතැන් වූ පවුල් 109 ක සිවිල් වැසියන් 228 දෙනෙකු පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලදී.
2023-12-19 22:20:44
ත්‍රිවිධ හමුදාවේ සහ දීපව්‍යාප්ත ධාවන පැදි තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය (SLARDAR) විසින් සංවිධානය කරන ලද ‘Katukurunda Circuit Meet - 2023’ මෝටර් රථ ධාවන පැදි තරඟාවලිය දෙසැම්බර් මස 12,16 සහ 17 යන දිනයන්හිදී කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණි.
2023-12-19 22:18:18
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී. ඒ. එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී එම ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව 221, 222 සහ 223 පාබල බලසේනාවන්හි හා ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිදුකරනු ලැබූ පළමු නිල සංචාරය දෙසැම්බර් මස 07, 09 සහ 13 යන දිනයන්හිදී සිදුකරන ලදී.
2023-12-19 22:16:40
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 74 වන සංවත්සරයට සමගාමීව ගන්නෝරුව, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල් පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින රණවිරු සමරුම් උත්සවයක් පවත්වන ලදී.
2023-12-19 00:42:05
ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්ඩීසීඑස් පීඑස්සී (විශ්‍රාමික) පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 17) දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 79 වන වියේ පසුවිය.