Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2023 22:23:16 Hours

‘ආසියානු සවි එසවීමේ’ ශූරතාව– 2023, තරඟාවලියේදී යුද්ධ හමුදාවේ බලළත් නිලධාරි II එස්.එස් ප්‍රදීප් දස්කම් දක්වයි

මැලේසියාවේ පැවති ‘ආසියානු සවි එසවීමේ ශූරතාවලිය - 2023’ තරඟාවලිය, දෙසැම්බර් මස 10 දින සිට 18 දින දක්වා පැවති අතර, ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බලළත් නිලධාරි II එස්.එස් ප්‍රදීප් රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ 01 ක් දිනා ගත්තේය.

මෙම තරඟාවලියට කසකස්තානය, ඉරානය, ඉන්දියාව, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය සහ චීනය යන රටවල් නියෝජනය කරමින් තරඟකරුවන් 15 දෙනෙකු සහභාගි වූහ.

එහිදී, බලළත් නිලධාරි II එස්.එස් ප්‍රදීප් කි.ග්‍රෑම් 59 බර පංතිය යටතේ deadlift, squat සහ benchpress යන ක්‍රමවලට බර ඔසවමින් රිදී පදක්කමක් සහ squat ක්‍රමයට බර ඔසවමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඔහු සමත් විය.