20th December 2023 21:30:09 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 17) දින 7 ශ්‍රී ලංකා සංඥා බලකායේ නිල සංචාරයක නිරත වූයේය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් එම ඒකකයේ භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමන් භටපිරිස් අමතමින් ඔවුන්ගේ සුභසාධන පහසුකම් වැඩි දියුණු කිරීම සහ උසස් විනයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී.