Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2023 00:42:05 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්ඩීසීඑස් පීඑස්සී (විශ්‍රාමික) පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 17) දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 79 වන වියේ පසුවිය.

එතුමන්ගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව ලබන බදාදා (දෙසැම්බර් මස 20) දින සවස 0430 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය මේ වන විට බොරැල්ල ඒ.එෆ් රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කර ඇත.