2024-01-02 18:35:54
විශ්‍රාම දිවියට පා තබන හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා...
2024-01-02 18:32:23
232 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 26) දින මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ප්‍රදේශවලට කඩිනම් ආධාර ලබාදෙමින් හානියට පත් කිරාන් -කුඩුඹිමලේ සහ තොප්පිගල-පෙරියවඩ්වන් යන මාර්ගයන් ප්‍රතිසංස්කරණය කර ප්‍රවාහන කටයුතු යථා තත්ත්වයට පත් කරන ලදී.
2024-01-02 18:29:47
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 59 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 01) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2024-01-02 18:22:38
මුලතිව් දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා 10 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් පසුගිය බදාදා (දෙසැම්බර් මස 29) දින මල්ලාවි මූලික රෝහල් පරිශ්‍රයේදී ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-01-02 18:19:40
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි ගේ උපදෙස් මත ‘උතුරේ දෙවන පොල් ත්‍රිකෝණය’ සංකල්පය යටතේ පොල් පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින ක්‍රියාත්මක කරන ලදී.
2024-01-02 18:17:14
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස් විසින් නව වසරේ ප්‍රථම වැඩ කරන දිනය සනිටුහන් කරමින් පසුගිය සඳුදා (ජනවාරි මස 01) දින රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, ජාතික ගීතය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම සිදුකරනු ලැබීය.
2024-01-01 19:05:36
17 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කොලොඹුතුරේ ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන කුඩා දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් ඉදිකර දෙනු ලැබූ නව නිවස පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 23) දින ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.
2024-01-01 19:00:10
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ වෙත ගෞරවාචාරය පුදකරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 31) දින පනාගොඩ, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-01-01 18:47:35
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් ඇද වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා අවහිර වී තිබූ එම දුම්රිය මාර්ගය ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්වල ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම මත පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින නැවත යථා තත්ත්වයට පත්කරන ලදී.
2024-01-01 18:43:43
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව්, ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී විඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 28) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි. එතුමන් සේවයෙන් නික්ම යන විට 18 වන ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් වශයෙන් රාජකාරි කටයුතු සිදුකරනු ලැබීය.