01st January 2024 19:00:10 Hours
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ වෙත ගෞරවාචාරය පුදකරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 31) දින පනාගොඩ, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ වෙත එම රෙජිමේන්තුවේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූ අතර, එහිදී මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ජේ.කේ.ඩී ජයවර්ධන යූඑස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය වෙත ගෞරවාචාර පුදකළ කල අතර, අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.
සියලු නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටි එතුමන්, බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයකටද සහභාගී වෙමින් සියලු භටපිරිස් ඇමතීය. අනතුරුව, සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගි වූහ.
අනතුරුව, මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ විසින් මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත සිය රාජකාරීන් සංකේතාත්මකව භාර දුන්හ. එහිදී එතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.
සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ වෙනුවෙන් සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. වැඩසටහන් මාලාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.