Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2024 18:19:40 Hours

561 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පොල් පැළ සිටුවීමේ ව්‍යපෘතියක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ගේ උපදෙස් මත ‘උතුරේ දෙවන පොල් ත්‍රිකෝණය’ සංකල්පය යටතේ පොල් පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින ක්‍රියාත්මක කරන ලදී.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම හා 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එහිදී, 561 පාබල බලසේනාවේ භටපිරිස් විසින් කඳවුරු පරිශ්‍රයේ පොල් පැළ 175 ක් රෝපණය කරන ලදී.